අනියම් පෙම් පලහිලව්වක් රෝහලෙන් කෙලවර වෙයි

ආරච්චිකට්ටුව වෛරන්කට්ටුව ප්‍රදේශයේ තම බිරිඳගේ සහ තවත් පුද්ගලයෙකුගේ අත් තියුණු ආයුධයකින් කපා දැමීමේ සිද්ධියකට සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්බව ආරච්චිකට්ටුව පොලීසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ආරච්චිකට්ටුව වෛරන්කට්ටුව ප්‍රදේශයේ පදිංචි තිදරු පියෙක්.

අත්අඩංගුවට පත් පුද්ගලයාගේ බිරිඳ සහ ඇයගේ අනියම් පෙම්වතා යැයි පවසන පුද්ගලයා ප්‍රතිකාර සඳහා හලාවත රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ මහ රෝහලට ඇතුලත් කර ඇති බවත් ඔවුන්ගේ තත්වය බරපතල බව වාර්තාවේ.

ඇයගේ බිරිඳ එම ප්‍රදේශයේම පදිංචි සැකකරුගේ මිතුරෙකු සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වන බවට චෝදනා කර වෛරන්කට්ටුව හුදකලා ස්ථානයකදී මෙම පිහි ප්‍රහාරය සිදුකර ඇති බව අනාවරණය වි ඇතැයි පොලිසිය පවසයි.

අත් අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිත් කිරීමට නියමිතව තිබිණ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *