අන්තර්ජාලය හරහා මුදල් වංචා කළ චීන්නු පිරිසක් අල්ලයි

අලුත්ගම, කලුවාමෝදර ප්‍රදේශයේ සංචාරක  නිකේතනයක කුලී පදනම මත මාස කිහිපයක් තිස්සේ රැඳී සිට අන්තර්ජාලය ඔස්සේ විවිධ රටවල වාසය කරන පුද්ගලයන්ගේ ගිණුම් වලින් කෝටි ගණනක මුදල් වංචා කළ චීන ජාතිකයන්  කණ්ඩායමක් සැකපිට අත්අඩංගුවට ගත් බව  අලුත්ගම පොලිසිය පවසයි.

තානාපති කාර්යාල හරහා ලැබුණු පැමිණිලි ඔස්සේ සිදු කළ විමර්ශනවලින් අනතුරුව අද (1) එම චීන ජාතිකයන් රැඳී සිටි හෝටලයට  පොලිස් කණ්ඩායම් කිහිපයක් පැමිණ ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ .

නඩු භාණ්ඩ ලෙස පරිගණක හා ඉතා ඉහළ මිල ගණන්වල ස්මාර්ට් ජංගම දුරකතන රැසක් හා මුදල් තොගයක් ද පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. 

සිද්ධිය සම්බන්ධයෙන් අලූත්ගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වා ගෙන යනු ලබයි.

Leave a Reply