අනවසර ගිනි අවි භාර දීමට සහන කාලයක්

පෙබරවාරි මස 06 වැනිදා සිට මාර්තු මස 15 වැනිදා දක්වා අනවසර ගිනි අවි ලඟම ඇති පොලිස් ස්ථානයට භාර දීම සඳහා සහන කාලය ප්‍රකාශයට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ

2023.02.06 වන දින පළකර ඇති අංක : 2318/02 දරණ ගැසට් පත්‍රය අනුව එම පියවර ගත් බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

තවද සහන කාලය තුළ ගිනි අවි භාර දෙන පුද්ගලයින්ට, භාර දෙන දිනට පෙර අදාළ ගිණි අවි ලඟ තබා ගැනීම හෝ භාවිතය සම්බන්ධයෙන් දඩ හෝ දඬුවම්වලට යටත් නොවන බව ද සදහන්ය.

Leave a Reply