අනවසරයෙන් මැණික් ගරන්න ගිය අයෙකු දියේ ගිලී මරුට

කළු ගගේ අනවසරයෙන් මැණික් ගැරීම සඳහා ගොස් සිටි පුද්ගලයන් තිදෙනෙකුගෙන් අයෙකු හොරණ, ඉළිඹ ප්‍රදේශයේදී දියේ ගිලී මිය ගොස් ඇතැයි හොරණ පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ 46 හැවිරිදි හොරණ ඉලිබ ප්‍රදේශයේ අයෙකි. 

මියගිය පුද්ගලයා සමඟ අනවසරයෙන් මැණික් ගැරීම ගොස් සිටි පුද්ගලයන් දෙදෙනා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.මියගිය අයගේ මළ සිරුර ගොඩ ගැනීම සඳහා නාවික හමුදා කිමිදුම්කරුවන් සහ පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායම් විසින් මෙහෙයුමක් දියත් කර ඇත

සිද්ධිය සම්බන්ධයෙන් හොරණ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි

Leave a Reply