අධිවේගී යතුරුපැදි ලියාපදිංචියට රජයේ අවධානය

ලියාපදිංචි කර නොමැති අධි එන්ජින් ධාරිතාවයෙන් යුතු යතුරුපැදි නීත්‍යානුකූල ක්‍රමවේදය යටතේ ලියාපදිංචි කිරීම සදහා නිසි ක්‍රමවේදයක් කඩිනමින් සකස් කරන ලෙස ප්‍රවාහන, මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන නිලධාරින්ට උපදෙස් ලබාදී තිබේ.

මෙරටට ගෙන්වා එකළස් කළ හා එන්ජින් ධාරිතාවය 450 සිට ඉහළ යතුරුපැදි සඳහා නිසි ලියාපදිංචියක් සිදුකර භාවිත කළ හැකි ආකාරයේ ක්‍රමවේදයක් සකස් කර දෙන ලෙස ඉල්ලා ස්පින් රයිඩර්ස් සංවිධානය සහ ක්‍රීඩා සමාජ විසින් කරන ලද ඉල්ලීමකට අනුව අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *