කොළඹ වරාය අසල වෙඩි තැබීමකින් 08 දෙනෙකු රෝහලට

කොළඹ වරාය අසල 06 වන ගේට්ටුව ආසන්නයේදී එහි පෞද්ගලික ආරක්ෂක අංශ නිලධාරියෙකු කළ වෙඩිතැබීමකින් 08 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙන බව පොලිසිය පවසයි.

කොළඹ වරායේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව පොලිසිය පවසයි.

වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත්තේ බ්ලූමැන්ඩල් වත්ත ප්‍රදේශයේ පදිංචි පිරිසකි.

කොළඹ වරායේ 06 වන ගේට්ටුව ආසන්නයේදී වරායේ යකඩ සොරකම් කිරීමට පැමිණි දෙදෙනෙකු ප්‍රශ්න කිරීමට යාමේදී ගම්වාසීන් පිරිසක් එහි පැමිණීමත් සමඟ උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබේ.

අනතුරුව පෞද්ගලික ආරක්ෂක අංශය සතුව තිබූ ගිනි අවියක් උදුරාගැනීමට යාමත් සමඟ වෙනත් පෞද්ගලික නිලධාරියෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

Leave a Reply