අධිවේගී පිවිසුම අසල අනතුරකින් රියදුරු මරුට රුසියානු තරුණිය රෝහලට

අධිවේගි මාර්ගයේ කොට්ටාව පිවිසුම ආසන්නයේදී ඊයේ (23) රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් එක් පුද්ගලයෙකු මියගොස් රුසියානු ජාතික කාන්තාවක් තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසයි. 

අනතුරින් මියගොස් ඇත්තේ අක්මීමන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

ටයරයක් මාරු කිරිම සඳහා නවතා තිබූ ලොරියක පිටුපස මෝටර් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත අනතුරින්  මෝටර් රථයේ සිටි 27 හැවිරිදි රුසියානු ජාතික තරුණිය තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුළත් කර තිබේ.

මෙම තරුණිය කටුනායක ගුවන්තොටුපළ යන අතරවාරයේදී අනතුරට ලක්ව ඇති බවද පොලිසිය පවසයි.

Leave a Reply