බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයට අනියුක්ත ගල්කිස්ස කොට්ඨාසයේ විශේෂ මෙහෙයුම් කණ්ඩායමට ලද තොරතුරකට අනුව රුපියල් කෝටි හතක් පමණ වටිනා අධිබලැති යතුරුපැදි අටක් සමඟ ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලීසිය පවසයි
පොලිස් භාරයට ගත් යතුරු පැදි 6 ක් ලියාපදිංචි කළ ඒවා බවට හැඟවෙන ලිපි ලේඛන ඉදිරිපත් කළ බවත් අනෙක් යතුරුපැදි දෙකට කිසිදු ලිපි ලේඛනයක් නොමැති බවත් පොලිසිය පවසයි
මෙම යතුරු පැදි කොටස් තීරුබදු රහිතව හොර රහසේ ආනයනය කර එකලස් කල ඒවා බවට බොහෝ දුරට සැකකරන බව පොලීසිය පවසයි.
පොලිස් භාරයට ගත් යතුරු පැදි හා සැකකාර ව්‍යාපාරිකයා ඉදිරිපත් කළ ලිපි ලේඛන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මෝටර් පරීක්ෂකවරුන් සහ රජයේ රස පරීක්ෂක වෙත ඉදිරිපත් කර වැඩිදුර විමර්ශන සිදු කිරිමට නියමිතය
ඒ අනුව සැකකරු නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර බොරලැස්ගමුව පොලීසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි