අධික සීතල හේතුවෙන් උතුරු නැගෙනහිර පළාත්වල මියගිය ගවයන් එළුවන් සංඛ්‍යාව 1660 දක්වා ඉහළට

මෙරටට බලපෑ අධික සීතල හේතුවෙන් උතුරු නැගෙනහිර පළාත්වල අද (12) පස්වරු 12.00 වන විට මියගිය ගවයන් සහ එළුවන් සංඛ්‍යාව 1660ක් දක්වා ඉහළ ගොස් ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ පශු සම්පත් අංශය පවසයි.

මෙම සත්ව මරණ සම්බන්ධව පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වා වාර්තාවක් ලබා දෙන කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් දී තිබේ. 

සත්ව පාලනයේ නිරතව සිටින ගොවීන්ට මෙවැනි කාලගුණික තත්ත්වයන් වලදී පශු සම්පත් ආරක්ෂා කර ගැනීම සම්බන්ධව විදිමත් පුහුණුවක් ලබා දීමේ අවශ්‍යතාවය ඉස්මතුව ඇතැයි කෘෂිකර්ම අමාත්‍යවරයා පවසයි.

මෙවැනි කාලගුණික විපර්යාස ඉදිරි කාලයේ  ඇති විය හැකි බැවින් ඊට මුහුණ දීම සඳහා විධිමත් වැඩ පිළිවෙළක් වහාම සකස් කල යුතුව ඇති බවද අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් දී තිබේ.

Leave a Reply