අධික රස්නය මැයි අවසානය තෙක්

අධික උණුසුම් තත්ත්වය මැයි මස අවසන් වනතෙක් පවත්නා බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ දිනවල දිවයිනට බලපා ඇත්තේ අන්තර් මෝසම් තත්ත්වය බවත් එම වකවානුවේදී නිශ්චිත සුළං රටාවක් දිවයිනට බල නොපාන හෙයින් මේ ලෙසින් අධික උණුසුම් තත්ත්වයක් තිබෙන බවද මෙම දෙපාර්තමේන්තුව පවසයි.

මේ නිසා නිරිත දිග මෝසම පටන් ගන්නා මැයි මාසය අවසන් වන තුරු මේ ලෙසින් අධික උණුසුම් තත්ත්වයක් පවතින බවත් අධික උණුසුම සම්බන්ධයෙන් මේ වන විට අවධානය යොමු කළ යුතු දිස්ත්‍රික්ක 17ක් නම් කර ඇති බවත් එම දෙපාර්තමේන්තුව පවසයි

එම දිස්ත්‍රික්කවල ජනතාව අනිවාර්යෙන්ම සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම කළ යුතු බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කරයි

විශේෂයෙන්ම හැකි පමණ ජලය පානය කිරීම මේ දිනවල සිදු කළ යුතුම බවට වෛද්‍ය නිර්දේශ ලබා දී ඇති බවත් කුඩා දරුවන්, වැඩිහිටි පුද්ගලයන් හා රෝගීන් සම්බන්ධව අනිවාර්යෙන්ම වැඩි අවධානයක් යොමු කළ යුතු බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළේය

Leave a Reply