අධිකරණය තුල විනිසුරු ඉදිරිපිට පෙම්වතියගේ කනට ගැසූ පෙම්වතා රිමාන්ඩ්

යාපනයේ මල්ලාකම් අධිකරණය තුළදී පෙම්වතෙකු විසින් පෙම්වතියට කම්මුල් පහර තුනක් එල්ල කිරීමේ සිද්ධියක් මත එම තරුණයා දින 14 ක කාලයක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස මල්ලාකම් මහේස්ත්‍රාත්වරයා ඊයේ (17) නියෝග කර තිබේ.

යාපනයේ ආවරංගල් ප්‍රදේශයේ තරුණයෙකු සිය නි‍ෙවසට ආසන්නයේ නි‍වසක තරුණියක් සමඟ කාලයක් ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් අති අතර, තරුණයාගේ අශෝභන හැසිරීම් රටාව නිසා තරුණිය විසින් එම ප්‍රේම සම්බන්ධතාව මීට මාසයකට පමණ පෙර නවතා දමා තිබේ. නමුත් තරුණයාගෙන් නිතර නිතර මේ තරුණියට විවිධ අන්දමේ හිංසා පීඩා හා බලපෑම් එල්ල වන නිසා ඇය ඒ පිළිබඳව අච්චුවේලි පොලිසියට පැමිණිලි කොට තිබේ.

එම පැමිණිල්ල අච්චුවේලි පොලිසිය විසින් විභාග කළ ද තරුණියට සිදු වන අඩන්තේට්ටම් අඩු නොවන නිසා පොලිසිය එම තරුණයාට එරෙහිව මල්ලාකම් අධිකරණයේ නඩුවක් ගොනුකොට තිබේ.

එම නඩුව විභාගයට ගත් අවස්ථාවේදී තරුණිය විසින් අධිකරණය හමුවේ කරන ලද ප්‍රකාශයකට දැඩි ලෙස උරණ වූ තරුණයා එක්වරම තරුණිය වෙත දිව ගොස් අධිකරණය තුළදීම මහේත්‍රාත්වරයා ඉදිරිපිටම කම්මුල් පහර තුනක් එල්ල කොට තිබේ. පසුව අදාළ නඩුව විභාග කිරීම වහාම නතර කළ මහේස්ත්‍රාත්වරයා විසින් තරුණයාව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත මෙලෙස රිමාන්ඩ් භාරයේ තබන ලෙසත් අප්‍රේල් මස 30 වැනිදා යළි මෙම නඩුව විභාගයට ගන්නා බවටත් නියෝග කොට තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *