අද සවස තද වැසි

දිවයිනේ බොහෝ පළාත්වලට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කඉවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 වැඩි තද වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුව පවසයි.

නැගෙනහිර, උතුරු මැද සහ වයඹ පළාත්වලත් මාතලේ සහ බදුල්ල දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළේය.

Leave a Reply