යකඩ බැරලයක දිය නාමින් සිටි පුද්ගලයකු අකුණු සැර වැදී මියගොස් කාන්තාවක් තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ කලවාන පෑබොටුව ප්‍රදේශයේ පදිංචි (42) පදිංචි පුද්ගලයෙකි.
අකුණු සහ වැස්ස පවතින අතරතුර මෙම පුද්ගලයා යකඩ බැරල් එකකින් දියනාමින් සිටියදී අකුණු සැර වැදී ඇති කලවාන රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති බව පොලීසිය පවසයි.
සිද්ධියෙන් මිය මියගිය අයගේ බිරිඳ ද තුවාල ලබා රත්නපුර මහ රෝහලට ඇතුළත් කර ඇති බව ද පොලිසිය සඳහන් කරයි
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව