අකුණු සැර වැදිමෙන් තිදෙනකුට දිවි අහිමි වෙයි

මිහින්තලාව, තම්මැන්නාව වැවේ දී අද (11) සවස අකුණු සැර වැදීමෙන් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ, තම්මැන්නාව වැවේ මාළු ඇල්ලීමට ගිය පුද්ගලයන් තිදෙනෙකු බවත් ඔවුන් වයස අවුරුදු 44 සහ 46 පමණ වයසේ පසුවන තිදෙනකු බවද වාර්තා වෙයි..

අද සවස හත් දෙනෙකුගෙන් පමණ යුතු පිරිසක් තම්මැන්නාව වැවේ මසුන් අල්ලමින් සිටිය දී මෙම අකුණුසැර වැදීම සිදුව ඇත.

ජීවිතක්ෂයට පත් පුද්ගලයන්ගේ මෘත දේහයන්, තම්මැන්නාව රෝහලේ තැන්පත් කර ඇති බව සඳහන්ය

Leave a Reply