අක්මීමන හා සුරියවැව මනුෂ්‍ය ඝාතන දෙකක්

අක්මීමන හියාරේ සහ සුරියවැව මිගහජදුර යන ප්‍රදේශවල ඊයේ (19) රාත්‍රි පුද්ගලයන් දෙදෙනෙකු ඝාාතනය කර ඇතැයි පොලිසිය පවසයි.

මෙසේ ඝාතනය කර ඇත්තේ හියාරේ දිවෙල්වතත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි සහ සුරියවැව මිගහජදුර පදිංචි පුද්ගලයෙකු බවද පොලිසිය පවසයි.

ඉඩම් ආරවුලක් දුරදිගයාමෙන් ඊයේ රාත්‍රි අක්මීමන හියාරේ ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් පහරදිම නිසා බරපතල තුවාල ලැබු පුද්ගලයෙකු කරාපිටිය රෝහලට ඇතුලත් කිරිමෙන් පසු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

මේ අතර පුද්ගලික ආරවුලක් හේතුවෙන් සුරියවැව මිගහජදුර ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් තවත් පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහර දිමෙන් මියගොස් ඇති බව පොලිසිය පවසයි.

මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් මේ වනවිට ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර අක්මිමණ හා සුරියවැව පොලිසි විසින් පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.

Leave a Reply