අක්මීමන ඉඩමකින් උණ්ඩ හමුවෙලා

අක්මිමණ හියාරේ අමල්ගම ප්‍රදේශයේ ඉඩමක තිබි උණ්ඩ තොගයක් සහ ගිනි අවි කොටස් කිහිපයක් අද (30) සවස හමුවි ඇතැයි අක්මිමණ පොලිසිය පවසයි.

අමල්ගල ප්‍රදේශයේ ඉඩමක වැසිකිළි වලක් හෑරිමේදි මෙම උණ්ඩ සහ ගිනි අවි කොටස් හමුවි තිබේ.පසුව ඒ සම්බන්ධයෙන් විශේෂ කාර්ය බලකායට දැනුම් දිමෙන් පසු එහි නිලධාරින් පැමිණ ගිනි අවි සහ උණ්ඩ අක්මිමණ පොලිසියට බාරදි ඇත.

ටී 56 උණ්ඩ 35ක්, එම්.16 උණ්ඩ 14ක්, මිලි මිටර් 09 උණ්ඩ06ක්, හඳුනානොගත් ගිනි අවියක දිරාගිය කොටස් 03ක්, අත් විලංගු ජෝඩුවක් සහ එම කවරයක්, ටි 56 මැගසිනයක් ක්ලිනින් රොඩ් එකක් මෙසේ හමුවි ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් අක්මීමන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *